යහපාලන රජය බලයට ගෙන ඒම සදහා ජවිපෙ සිදුකළ ගණුදෙනු පින්තූර සාක්ෂි සහිතව තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චරතුර සේනාරත්න මහතා පවසයි.
තමන් එසේ සාක්ෂි සහිතව හෙළි කරන්නේ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවත්, ඉඩම් නියෝජ්‍ය ඇමති කාර්යාලයේ වැසිකිළියේ ගලිය තුල තිබූ දේවල්වල වාර්තාවද තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මන්ත්‍රී චතුර සේනාරත්නගේ බිරිද ඉගෙන ගන්නා බවත්, මත්න‍්‍රී චතුර එම සරසවිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවක සිටින බවට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයට පිලිතුරු ලෙස මන්ත්‍රීවරයා මේ බව පැවසීය.