Colombo Today Local News

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

අද (25)දින නාරාහේන්පිට පොලිසිය ඉදිරිපිට මාර්ග බාධකයකයේදී වෛද්‍යවරයකු බව හගවා එම ස්ථානය පසුකොට යෑමට උත්සහා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තෙ ඉයම් ෂෙයිඩ් තදීෂ් නමැති වයස අවුරුදු 45 ක් පමණ වන පුද්ගලයෙකි.

අද උදෑසන මාර්ග බාධකයේ සේවයේ යෙදී සිටි නාරාහේන්පිට පොලිසියේ කාන්තා උපපොලිස් පරීක්ෂක වරියක වෛද්‍ය ලාංඡනයක් අලවාගෙන පැමිණි wp KE 9213 අංකය සහිත කාර් රථය පරීක්ෂා කර ඇත.

පරීක්ෂාව අතරතුර රථය පදවාගෙන පැමිණි පුද්ගලයා තමන් වෛද්‍යවරයකු යැයි පවසමින් පොලිස් නිලධාරිනිය සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.

අනතුරුව පොලිස් නිලධාරිනිය මේ බව නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිට දන්වා ඇති අතර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී තමන්ගේ ඥාතියකු වෛද්‍යවරයකු බවත් ඔහුගෙන් ඉල්ලාගත් වෛද්‍ය ලාංඡනයක් මේපරිද්දෙන් අවබාවිත කළ බවත් හෙළිවී ඇත.

ඊයේ(24)දින ජනාධිපතිවරයා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමන් සංචරන සීමා කඩකරන මෙවැනි පුද්ගලයින් ගැන හෙළි දරවු කළ අතර මෙවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කළේය. ඒ අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් ඉදිරියේදීත් තදින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් නාරාහේන්පිට පොලිසියේ ප්‍රකාශකයකු පවසයි.

Related posts

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

colombotoday

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

colombotoday

මාර්තු මාසයේ උද්ධමනය පහලට

Admin

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

colombotoday

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

colombotoday