Colombo Today Local News

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

ghyt121සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවමින් ආණ්‌ඩුව අලුත්ම මර්දනයක්‌ පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා චීන සංචාරය සඳහා පිටත්ව යැමට පෙර ඊයේ (22 වැනිදා) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පැවසීය.

ආණ්‌ඩුව මින් උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්‌වැල්ල වැනි දේශපාලනඥයන් හිරේට ගැනීමට බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ 07 විඡේරාම මාවත පිහිටි සිය නිල නිවසේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්‌ පවත්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම මූලික රාමුවක්‌ තුළ තිබිය යුතුයි. ඒකීය ව්‍යවස්‌ථාවක්‌ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ද කියලා මුලින්ම බලන්න ඕනේ. මේ කමිටු වගයක්‌ දාගෙන අපේ කට්‌ටියත් මේකට දාගන්න හදනවා. මේකට අන්තිම කැමැත්ත දෙන්නේ සුමන්තිරන්ද, ඩයස්‌පෝරාවද, නැත්නම් වෙනත් රටක්‌ද කියලා අපිට කියන්න. මම මුලින්ම විරුද්ධ අපේ රටේ ව්‍යවස්‌ථාව වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම හරහා සිදු කිරීමටයි. තවම මේ ගැන ඒ අයවත් හරියට කතා කරන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙළ දිහා බලාගෙන යනකොට පෙනෙනවා මේක කොයි දිශාවටද යන්නේ කියලා. මෙතැන වචනයට ඒකීය දෙයි. බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය දෙනවා කියලා වචනයට දෙයි. හැබැයි ඊට යටින් රට බෙදුම්වාදයට යට කරයි. අපිට වචන ටික දීලා බෙදුම්වාදයට පෙඩරල් දෙන්නයි මේ සැලසුම් සකස්‌ කරන්නේ.

එජාපය විසින් තමනට ලැබුණු අවුරුදු දෙකක කාලයක්‌ තුළ රාජ්‍ය ආයතන පනස්‌දෙකක්‌ විකුණා දැමුවා. මම බලයට ඇවිල්ලා ඒ ආයතනවලින් සමහරක්‌ යළිත් රජයට පවරා ගත්තා. දැන් ආයෙමත් මේ ආණ්‌ඩුව අරගෙන යන්නේ එදා එජාපය රැගෙන ගිය යළි පුබුqදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළයි. ජාතික ආණ්‌ඩුව නාමයෙන් ශ්‍රී ලනිපයේ අයත් එජාපයේ මෙම වැඩපිළිවෙළට අත ඉස්‌සීම පිළිබඳව තමා කනගාටුවනවා යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

එදා අපිට ලොකුම චෝදනාව කළේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැනයි. අද ඒවා විකුණගෙන කන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ගන්න විතරක්‌ විදේශ සමාගම් 13 ක්‌ ඉදිරිපත් වෙලා තියෙනවා. හම්බන්තොට වරාය විකුණන තැනට ඇවිත් තියෙන්නේ. ඇ. ඩොලර් බිලියන 1.1 කට. ඒ කියන්නේ වරායෙන් 80% වටිනාකම. එයින් තුනෙන් එකක්‌වත් මේක හදන්න ගිහිල්ලා නැහැ. හම්බන්තොට වරාය සුදු අලියෙක්‌ නම් මෙහෙම ඉල්ලුමක්‌ එයිද? ඒ වගේම රටේ ඉඩම් අක්‌කර ගණන් චීනයට සහ ඉන්දියාවට අද දෙන්න යනවා. කටුනායක බියගම අවිස්‌සාවේල්ල වගේ නිදහස්‌ වෙළෙඳ කලාපවලට අයත් ඉඩම් හා හම්බන්තොටින් අක්‌කර 15000 ක ඉඩම් චීනයට දෙන්න යනවා. මේ සඳහා හම්බන්තොට සහ මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් පවරාගන්න යනවා.

මේ ගොල්ලෝ ආපු දවසේ ඉඳලා කතා කළේ අපි ගත්ත ණය ගෙවන හැටි ගැන. කෝ ඒ අය ගෙවපු ණය. ණය ගෙවනවා වෙනුවට තව තව ණය වෙන එක තමයි මේ අය කරලා තියෙන්නේ. අද මේ රටේ ආර්ථිකය ගෙනියන්න හදන්නේ වක්‍ර බදු මුදල් සහ දඩ මගින්. ඕනෑම රටක දඩ සහ ගාස්‌තු ඒ රටේ ජනතාවගේ ආදායම සමඟ එකට ගමන් කරන්න ඕනේ. සමහර වාහන දඩ ගෙවන්න රියෑදුරකුගේ මාසික වැටුපත් මදි. ආණ්‌ඩුවට ආදායම් නැති නිසා ජනතාවගෙන් දඩ අයකරගෙන ඒ අඩුපාඩු පියවාගන්න හදනවා. දඩ සහ බදු මිසක්‌ මේ අය ආර්ථිකය දියුණු කරන්න වෙන මොනවද කළේ. මම ආර්ථිකය 7% ක වර්ධන වේගයකින් ඉහළට අරගෙන ගියා. මම මැතිවරණ සඳහා හැමදාම කලින්ම ගියා. ආර්ථික අර්බුදයක්‌ නිසා නෙමෙයි මම කලින් ඡන්දය තිබ්බේ. ඒ මගේ හැටි. මම උතුරු පළාතේ ඡන්දය තිබ්බේ. මම පරාජය වෙන බව දැන දැන යෑයි මෙහිදී කර්තෘවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මහාචාර්ය එල්. පීරිස්‌, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුqක්‌වැල්ල යන මහත්වරුද මේ අවස්‌ථාව සඳහා සහභාගි සිටියහ.

Related posts

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

ජනපති ජර්මානු චාන්සලර්වරිය හමුවෙයි

colombotoday

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

රනිල්ට,සජිත්ට මොකුත් කරන්න බැහැ කියලා දන්න මංගල ගෙදර ගියේ සියළු වරප‍්‍රසාද අරගෙන

colombotoday