Colombo Today Local News

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

hghg223

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නිරීක්ෂණය කළ කිසිදු ලේඛනයක අදාළ සිදුවීමට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට සඳහන්ව නොතිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තාවක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවද හෙතෙම පවසා සිටියේය.

එම කමිටුව විසින් නිර්දේශ 06කින් යුත් කමිටු වාර්තාවක් සකස් කර තිබෙන බවත්, ඉදිරි දිනකදී එම වාර්තාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදෙන බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව විසින් කොප් කමිටු වාර්තාව ඇතුළු වාර්තා කිහිපයක් සැලකිල්ලට ගත් බවද අබේවර්ධන මහතා පවසා සිටියේය.

Related posts

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

colombotoday

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

ජාතික ආරක්‍ෂාවේ මහ සිදුරක්… ‘ආරක්‍ෂක මණ්ඩලයේ රහස් වාර්තා පිටස්තර පුද්ගලයන් අතට’ – අනුර දිසානායක හෙළිකරයි

colombotoday

කොළඹට මහා ජන ගගක්… ආණ්ඩුව ගෙදර යන තුරු නොනවතින අරගළය ඇරඹෙයි..

colombotoday

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday