Colombo Today Local News

හම්බන්තොට අක්කර 15,000ක් එක රටකට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

mahinda-parlimentහම්බන්තොට අක්කර පහළොස් දහසක් සහ මත්තල ගුවන්තොටු‍පොළ මෙන්ම හම්බන්තොට වරායද එක් රටක එක් සමාගමකට ලබාදීමෙන් රටේ ස්වාධීනත්වයට හා ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කළේය.

අක්කර 530ක් වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය, අක්කර 450ක් වූ බියගම නිදහස් වෙළෙඳ කලාපය හා අනෙක් ආයෝජන කලාප අක්කර 400ට අඩු බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා රටේ තිබෙන ආයෝජන කලාප දොළහම රජය සතු බවද කීවේය.

එම ආයෝජන කලාපද මතෛක් මුළුමනින්ම පිරීගොස් නැති තත්ත්වයක් තිබියදී එක් රටක එක් සමාගමකට වරාය, ගුවන්තොටු‍පොළ හා අක්කර පහළොස් දහසක් ලබාදෙන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“මේක සාධාරණද. මේවා අපේ රටේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. ඒ රටවල ආයෝජකයන්ට පහසුකම් දෙනවා. හම්බන්තොට ජනතාව අක්කර 15000ක නිජබිම වෙනත් රටකට විකිණීමට ඉඩ නොදෙන බව මට විශ්වාසයි යැයිද ඒ මහතා කීවේය.

දිගුකාලීන මිත්‍රත්වය පළුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කිරීමට මම ගැනුම්කරුවන්ගෙනුත් ඉල්ලා සිටිනවා යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අය වැය දෙවන වර කියවීමේ විවාදයේ හතර වන දිනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

Related posts

2020 රනිල් ජනපති කරන්න අරක්කු විකුණා අරමුදල් සොයයි !!

colombotoday

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

colombotoday

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් මහා භාණ්ඩාගාරයට යැවීයයුතු මුදල් තමන්ගේ ගිණුමේ දාගෙන

colombotoday

අවම සුදුසුකම්වත් නැති සිසුන් ආවොත් කොතලාවල වෛද්‍ය පීඨ ආචාර්යවරු අධ්‍යන කටයුතුවලින් ඉවතට

colombotoday

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ

colombotoday