Colombo Today Local News

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

යහපාලන ආණ්ඩුව සමයේ සිරසවි සිසුන් හා වෘත්තීය සමිති ඇතුළු විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ හා පෙළපාළි 111කට ජල ප්‍රහාර එල්ල කරමින් කැරළි මර්දනය කළ පොලිස් නිලධාරීන්ට තෑගි ලෙස රුපියල් විසිපන් ලක්ෂ හතළිස් නවදහසක් ගෙවා ඇත. පොලිස් මූලස්ථානය මගින් මෙම මුදල් ගෙවා තිබේ.

මෙම මුදල ගෙවා ඇත්තේ පසුගිය 2015-2019 වර්ෂවල කැරලි මර්දනය හා ජල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙනි. එම කාලසීමාවේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාර 1653කින් උද්ඝෝෂණ 111කට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.

එක් වතාවකදී ජල ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් රු. 6000ක දීමනාවක් ලබා දී ඇත.

වත්මන් රජය බලයට පත් වූ පසු කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙන්ම උද්ඝෝෂණය කිරීමට වෙන් කළ ගාලු මුවදොර භූමියේ පමණක් උද්ඝෝෂණ 104ක් ද පෙළපාළි 58ක් හා සත්‍යග්‍රහ 03ක් පැවතුනද කැරළි මර්දන නිලධාරීන් ඊට කිසිදු පහරදීමක් කර නැතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

එම කාල සීමාවේ බස්නාහිර පළාත පුරා උද්ඝෝෂණ 314ක් හා පෙළපාළි 80ක්ද, සත්‍යග්‍රහ 15ක්ද, උපවාස 06ක් පවත්වා ඇත.

එහෙත් මෙම වකවානුවේ ජල ප්‍රහාරක රථ මගින් කැරලි මර්දන නිලධාරීන් යොදවා පහරදීමක් කර නැති නිසා කිසිදු ත්‍යාග මුදලක් ගෙවීමට සිදු වී නැත.

Related posts

ශ්‍රිලනිපයෙන්, මෛත්‍රීගෙන් සමාව ගනු.. නැතිනම් ඉල්ලා අස්වී යනු ! – මහින්දට අවසන් නියෝගය නිකුත් කෙරේ

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

colombotoday

අපටත් ඇණයක් වූ “යොහෝවාගේ සාක්ෂිකාරයෝ” රුසියාවේ තහනම් කරයි !

colombotoday

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !

colombotoday