Colombo Today Local News

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

මාවනැල්ල ඉඹුල ප්‍රදේයේ පසුගිය 28 වනදා රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, “අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට වාර්තා වෙනවා. සැකකරු මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පත්වී ඇති අයෙක්. ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60ක පමණ මුදලක් ඔහු ලබාගත් බවටත් වාර්තා වී තිබෙනවා,” යනුවෙනි.

Related posts

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

නිරෝධායනයට අකැමැති වී කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday