World

සියලු අසත්‍ය, අසභ්‍ය ප්‍රචාර සහ අභියෝග පරදමින් ඩොනල්ඩ් ට්‍රප්ම් ජයගත් රහස මෙන්න

doneld trumphඇමරිකානු මාධ්‍ය සහ මෙහෙයුම් අංශ හිලර් කිල්න්ටන් වෙනුවෙන් අතිදැවැන්ත පක්ෂග්‍රාහී මෙහෙයුමක නිරත වෙමින් ඇයට සහය දක්වද්දී ඒ සියළු දේ පරදා ඇමෙරිකානු ජනතාවගේ හෘද සාක්ෂියේ ඡන්දය ලබාගනිමින් 45 වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වීමට රිපක්බ්‍රිකන් අපේක්ෂක ඩෝන්ඩ්ට්‍රම්ප් මහතා අද(09) සමත් විය. ට්‍රම්ප් මහතා ආසන 276 ක් බහුතරය ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර පරාජිත හිලරි මහත්මියට හිමිව ඇත්තේ ආසන 218ක් පමණි.

ෆේස් බුක්, ගූගල් සහ ඇමෙරිකානු මාධ්‍ය සමාගම් 80%ක් පමණම සහය දැක්වූයේ හිලරි කිලින්ටන් මහත්මියටය. එය 2015 දී ශ්‍රී ලංකාවේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට මාධ්‍ය දැක්වූ පක්ෂපාතීත්වය හා සමානය. එහෙත් බුද්ධිමත් ඇමෙරිකානු ජනතාව ඉන් නොරැවටුනු අතර ඔවුන් ලොව පුරා සිදුවන මුස්ලිම් ආක්‍රමණයෙන් ලෝකයත්, ඇමෙරිකාවත් බේරා ගැනීම සඳහා ට්‍රම්ප් වැනි සෘජු දරදඬු නායකයෙකු තෝරාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එසේම ට්‍රම්ප්ට එරෙහිව මාධ්‍ය කෙතරම් මඩ සහ අවලාද නැඟුවද ඒ සියල්ල හමුවේ නිසැලෙමින් මත දර්ශනය සහ මතවාදය නොපැකිලිව ඉදිරියට ගෙන යෑමට ට්‍රම්ප් දැක්වූ දක්ෂතාවය සුවිශේෂී එකකි.

තවද බොහෝ අය සිතුවේ ඔහුගේ මුස්ලිම් විරෝධය නිසාවෙන් ට්‍රම්ප් ඇනගෙන අවසන් කියාය. එහෙත් ඇමෙරිකානු ජනතාව සහ ඔවුන්ගේ සංවිධාන ව්‍යුහයන් අපේ ලංකාවේ ඇතැමුන් සහ සංවිධාන මෙන් මෝඩ පහේ සංදර්ශන කටයුතු සිදු නොකරයි. ඔවුන් නිහඬව සිට ගත යුතු තීරණය අවශ්‍ය මොහොතේ නිවැරදිව ගෙන තිබේ.

ට්‍රම්ප් තම සහජ කථන සහ පෞරුෂත්වය උපයෝගී කරගනිමින් ලද සෑම අවස්ථාවකදීම මාධ්‍යවල අවධානය සහ විවේචනය ලබාගැනීම වෙනුවෙන්ම සිදුකරන ලද විශේෂ සැලසුමද සුවිශේෂීය.

එසේම මෙමඟින් ලබාදෙන තවදුරටත් වැදගත් පණිවුඩයක් නම් මාධ්‍ය මාෆියාකරුවන්ට හෝ මාධ්‍ය මාෆියා තුළින් රටක ජනතාව ගොනා ඇන්දවිය නොහැකි බවයි. එය හිලරිට මෙන්ම මේ රටේ පාලකයින්ටත් ඔවුන්ගේ දුදරුවන්ට සහ සියලු දේශපාලඥයින්ටත් ඉතා හොඳ පාඩමකි.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday

Video: රුසියානු ගුවන් යානය බිමහෙළු බෝම්බය ISIS මාධ්‍යයට පෙන්නයි – අටවා තිබුනේ සෝඩා කෑන් එකක

colombotoday