Colombo Today Local News

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

vigneshvaran
රටතුළ යහපාලනය පවතින බැවින් උතුරු පළාත තුළත් මේ වන විට සාමාකාමී තත්ත්වයක් උදාවී ඇති බැවින් තව දුරටත් උතුරේ හමුදාව රදවා තැබීමේ අවශ්‍යතාවක් නැති බව උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසයි.

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවත් වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

උතුරු පළාත තුළ මේ වනවිට ලක්ෂයකට ආසන්න හමුදා සාමාජිකයින් පිරිසක් රැඳි සිටින අතර එය කිසිසේත් අවශ්‍ය කරුණක් නොවන බවත් යුද්ධය නිමා වී මේ වනවිට වසර 7 ක් ගත වී ඇති නමුත් ජනතාවගේ ගැටළුවලට නිසි විසඳුම් ලැබී නොමැති බවත් උතුරු පළාත් මහ ඇමතිවරයා පවසයි.

උතුරු පළාතේ සිටින යුද හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කරන්නැයි ද මහ ඇමතිවරයා යුරෝපා සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

Related posts

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

විදේශ ගමන් බලපත්‍ර 88ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට – සැකකරු පොලිස් භාරයෙන් මිදියාම අල්ලස ලබාදීමට උත්සහ කරලා

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday