බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්රදේශයේ නියුමෝනියාව වැළඳීමෙන් දින කිහිපයකට පෙර මිය ගිය 25 හැවිරිදි තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කිරීමේ සිද්ධියක් බණ්ඩාරවෙල පොලිසියෙන් වාර්තා වේ.
මියගිය අය වෙනුවෙන් හත්වැනි දින දානය සඳුදා පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර ඇගේ පියා ඉරිදා උදෑසන දැරියගේ සොහොන වෙත ගොස් බලද්දී මෙම සිද්ධිය දර්ශනය වී ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් පියා ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර ඇති අතර වැඩබලන මහේස්ත්රාත්වරයා සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් දේහය පරීක්ෂා කර ලබා ඇත.