Colombo Today Local News

කෘතගුණ දැක්වීමේ උතුම් ගුණය සිහි කරන, අස්වැන්න නෙලීමේ උත්සවය අදයි

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද (15)දින තෛපොංගල් දිනය මහත් බැතියෙන් සමරනු ලැබේ.

අද දිනය ලොවට කියාපාන්නේ, කෘතගුණ සැලකීමේ ගුණාංගයයි.

දෙමළ දින දර්ශකයට අනුව අවුරුද්දෙ මුල් මාසය හඳන්වන්නේ, ‘තෛ’ යනුවෙනි.

පොංගල් යනු -උදාවීම- අර්ථ ගන්වන පදයයි

ඒ අනුව තෛපොංගල් යනු, නව වසර උදාවීම.

වසරේ පළමු මාසෙ පළමු අස්වැන්න, සූර්යයාට පූජා කොට, පවුලටත් රටටත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් මේ උත්සවයට එකතු වෙන්නෙ මහත් උනන්දුවක් ඇතිවයි.

හිමිදිරියේ අවදි වන හින්දු බැතිමතුන් ආගමික වතාවත් ඇරඹේ.

අලුත් සහල්, අලුත් උක් ගසක පැණි,එළකිරි යෙදූ කිරිබත්, කහ පිඩක් ද සමග සූර්ය දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍රයකි.

තවද කිරි ඉතිරවීමේ චාරිත්‍රයත් මේ සමගම ඉටු කරන අතර එයින් සංකේතවත් කරන්නේ පවුලේ අනාගත සෞභාග්‍යයි.

සොබාදහම සමග බද්ධ වී පවත්වන පූජෝත්සවවලින් තෛපොංගල් උත්සවයට ලැබෙන්නේ සුවිශේසී ස්ථානයකි.

මේ අතර ජාතික තෛයිපොංගල් උත්සවය ලබන 21 වැනිදා හැටන්හිදී පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.

Related posts

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

colombotoday

දේශපාලකයොත් 60න් යනව නම් ජනතාවගේ කැමති

Admin