Colombo Today Local News

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය Siri Walt මහත්මිය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සාමය හා ප්‍රතිසන්ධානය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග, දේශපාලන ස්ථාවරත්වය, සත්‍ය ප්‍රතිසන්ධානය සදහා වු කොමිෂම ස්ථාපිත කිරීම, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික සමගිය හා ප්‍රති සන්ධානය සදහා පනත් කෙටුම්පත සම්මත කිරීම, ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවන සිරකරුවන් පිළිබදව අදහස් මෙහිදී හුවමාරු වි තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සංහිදියා වැඩ පිළිවෙළ, දේශපාලන ස්ථාවරත්වය පිළිබද සතුටු වන බව ද තානාපතිනිය මෙහිදී සදහන් කළාය.

Related posts

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday