Covid 19

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රකාශයට පත් කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රටපුරා කොරෝනා සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ ජනතාව මේ සති අන්තයේ දැඩි පරිස්සම් කාරී ලෙස කටයුතු කිරීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

හැකිතාක් දුරට සංචාරණ සීමා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙස රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේදීම ප්‍රතිකාර

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

බූස්ටර් එන්නත ලැබෙන හැටි මෙන්න

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 118ක්

colombotoday