Colombo Today Local News

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 2021 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉදිරියටත් මෙම මෙහෙයුම් සිදුකෙරෙන අතර නිරෝධායන රීතීන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර කාන්තක්කුඩි සහ රඹුක්කන ප්‍රදේශ අශ්‍රිත ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද හුදකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

colombotoday

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin

අද ඩොලරය රු.299යි

colombotoday