Colombo Today Local News

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවී තිබේ.

ඒ පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානයට 118 අංකය ඔස්සේ ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වන ගංපංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇති පුද්ගලයා තම මව සහ වැඩිමහල් සහෝදර සහෝදරියන් සමග නිවසේ වාසය කර ඇති අතර නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම ඝාතනය සිදුවී ඇත.

මරණකරු මත්පැන් පානයට ඇබ්බැහිවූ අයෙකු වන අතර නිවැසියන් සහ අසල්වැසියන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

“මාධ්‍ය කියන්නේ බොරු.. දරුවන් 130ක් පමණ අතුරුදන්“ – මීතොටමුල්ල ප්‍රදේශවාසීන් (Video)

colombotoday

SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

ජනපති සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී – චීන ආරක්ෂක ඇමති(PHOTOS)

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

යාපනේ ක්‍රීඩාංගණයක් අසලින් බෝම්බ ගබඩාවක් මතුවෙයි…

colombotoday

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවටය අත පොවයි.. මෝදි නොර්වුඩ්වල නොසන්ඩාල වැඩක !

colombotoday