Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කරන්නේ, වර්ෂාවත් සමග මදුරු ඝණත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවයි.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,029 කි.

ඉන් වැඩිම රෝගින් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් ය.

එම සංඛ්‍යාව 30,271 කි.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක් පමණ වෙයි.

Related posts

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin