Colombo Today Local News

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව එහි මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

මෙම විවාදය ලබන මස 3වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කෙරෙනු ඇත.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය ලබන මස 03 වැනිදා අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව.5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයක් විවාදය ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වේ.

Related posts

රජයට කෝටි ගණන් පාඩු ගේන මහා කේබල් ටී.වී වංචාව – අයිතිකරු කොටියෙක්‌…

colombotoday

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday