Colombo Today Local News

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20)දින නිව්යෝර්ක් නුවරදී සිදුව තිබේ.

ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය අතර පවතින සහයෝගීතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ දේශගුණික මූල්‍යකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව තිබෙන අනෙකුත් අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.

Related posts

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

ජල ගාස්තු ඉහළට

colombotoday

පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !

colombotoday

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

colombotoday

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday