Colombo Today Local News

“යහපාලනය හරියට කරනා හැටි මා දනී.. වහාම ඇමති සංශෝධනයක් ඕනෑ“ – මහාචාර්ය සරත්

sarath-wijesooriya

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවත් දේශපාලන වෙනසක් කිරීමේ අවශ්‍යතාවය වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට නොමැති බවත්, දූෂණයට පුරුදු ඇමතිවරු තම රාජකාරිය ආරම්භ කර ඇති අතර ඔවුන් පිළිබදව තමා අගමැතිවරයාට පැවසූ නමුත් අගමැති හා ජනපති ඒ සම්බන්ධයෙන් දක්වල පිළිවෙත සෑහීමකට පත්විය නොහැති බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යපාර කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අදාල පුද්ගලයන් ඇමති තනතුරුවලින් ඉවත්කළ නොහැකිනම් වගකීම් සහිත අමාත්‍යාංශ ඔවුනට ලබා නොදීමට වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකළ යුතු බව ජනපතිවරයාට සහ අගමැතිවරයාට තමන් දැනුම් දෙන බවද ඔහු පැවසීය.

යහපාලනය යටතේ ඇමතිධූර අරගෙන යහපාලනයට විනකරන අමාත්‍යවරුන්ට වඩා තමනට යහපාලනය ආරක්‍ෂා කිරීමට අයිතියක් ඇති බවත් ආණ්ඩුව නිවැරදි පාරට ගෙන ඒම තමන් දන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

colombotoday

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

“ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය ඊනියා අරගලකරුවන් විනාශ කළා”

colombotoday

ගොවීන් 60%කට පොහොර සහනාධාරය කැපේ !

colombotoday