Colombo Today Local News

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

රාගම පුනුරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ලියා පදිංචි වෛද්‍ය අංකය යටතේ ගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

පැමිණිලිකාර වෛද්‍යවරියගේ වෛද්‍ය ලියාපදිංචි අංකය සඳහන් මුද්‍රාවක් සහ එම අංකය යටතේ සකස් කරන ලද ලේඛන 850ක තොගයක් ද මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබීපොලිස් භාරයට ගෙන ඇත.

රාගම පුනරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරිය කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇතැයි කියති.

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Admin

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday