Colombo Today Local News

රහස් පොලිසියේ පී.සි. ලගත් අයිස්

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසල රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාකර බැලීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇතැයිද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු දැයි යන්න සොයා ගැනීමට ඔහු වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂාකර බැලීමට ද පොලිසිය කටයුතු යොදා ඇත.

Related posts

වී කන්න ආ වන අලියා පෙරැලු බිත්තියට යට වී තරුණයෙක් මරුට

Admin

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

colombotoday

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday