Colombo Today Local News

ආපදා තත්ත්වයෙන් හාරලක්ෂයක් අවතැන්.. උපරිමයෙන් සහය දෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලයි

clmb flood

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නාය යාම් හේතුවෙන් පුද්ගලයින් 132ක් අතුරුදන්ව ඇති බවත්, ඒ අතරින් 128 දෙනෙකු අරණාය ප්‍රෙද්ශයෙන් වාර්තා වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා පවසනවා.

මේ වන විට දිවයින පුරා හාරලක්ෂයකට අධික පිරිසක් ගංවතුරෙන් සෘජුවම පීඩාවට පත්ව සිටින බවත්, ආරක්ෂිත ස්ථාන 611ක් පුරා දෙලක්ෂ අනූනවදහස් අටසි හයදෙනෙකු තාවකාලිකව රදවා තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා වැඩිදුරටත් පවසනවා.

ආපදා හේතුවෙන් පූර්ණ නිවාස හානි 289ක් සහ අර්ධ නිවාස හානි 3149 ක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හැකි උපරිමයෙන් අවතැන් වූවන්ට සහය දක්වන්නැයි ජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අවස්ථාව වන විටත් කොළඹ ගංවතුර තත්වය පහව ගොස් නොමැති අතර විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. ඔවුන් සදහා වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ඇදුම් ඇතුළු සහනාධාර අවශ්‍යව තිබෙන අතර පිසූ අහාර, බත් පාර්සල්ද වැඩි වශයෙන් අවශ්‍යව තිබෙන බවයි තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන වලින් දැන ගැන්මට ලැබී තිබෙන්නේ.

Related posts

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

Admin

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි පෙට්‍රල් 82කින් අඩු කලයුතුයි

Admin

මුස්ලිම් විවාහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය !

colombotoday

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday