Colombo Today Local News

‘විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකුණන්නයි‘ – නීතිපති

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිට ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත්, දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (28) පැවසීය.

අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක් ලබා දී විමර්ශන යට ගැසීමේ වෑයමක් තිබුණු බවත් ලිවේරා මහතා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ විද්‍යා සිසුවිය ඝාතන සිදුවීමේ නඩු විභාගය යාපනය මහාධිකරණයේ දී ඊයේ ආරම්භ වූ අවස්ථාවේදී ය.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී නඩු විභාගය ඇරැඹිණි.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය (17) පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරනු ලැබ තිබේ.

බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රකාන්ත්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් එලෙස අධි චෝදනා ලැබූ විත්තිකරුවෝය.

යාපනයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත් වන්නේ ලක් ඉතිහාසයේ ප්‍රථම වරටය.

ඡායාරූපය – ලංකාදීප

 

Related posts

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

ළඟ ම පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

“ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය සියයට 37කින් අඩු කරනවා” මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

colombotoday

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday