Colombo Today Local News

UN නියෝජිතයාට හිටපු කොටින් හමුවෙන්න අවසර දුන්නේ කවුද? – ජනපති අසයි !

මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ප්‍රධානී බෙන් එමර්සන්ට එල්.ටී.ටී.ඊ රැදවියන් හමුවී සාකච්ඡා කිරීමට අවසර දුන්නේ කවුදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවති කැබිනට් හමුවේදී විමසා ඇත.

වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරයේදී කොටි රැදවියන් හමුවීමෙන් අනතුරුව සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බෙන් එමර්සන් චෝදනා කර සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින්නන්ට වධ හිංසා සිදුවන බවයි. මානව හිමිකම්, ප්‍රතිසංස්කරණය හා යුක්තිය පිළිබද ක්‍රියාවලියේ ප්‍රගතිය බෙහෙවින් මන්දගාමී වී ඇති බවද රජයට චෝදනා කරමින් ඔහු කියා සිටියේය.

ත්‍රස්තවාදී සැකකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කිසිදු රටක් විදේශීය නියෝජිතයන්ට අවසර ලබා දෙන්නේ නැති අතර, බෙන් එමර්සන්ට කොටි රැදවියන් හමුවීම සදහා අවසර දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බවද අනාවරණය වී තිබේ.

Related posts

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

colombotoday

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday