Colombo Today Local News

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

මෙම චීන ජාතිකයා එහි සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන (24) හැවිරිදි තරුණයෙකි.

මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (4) සවස 5.00 ට පමණ එම ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇත.

Related posts

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

මිය ගිය අයකුගේ ස්මාරකයකට තහනම් දැමීමට පොලිසියට නොහැකි. ගජෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා…

colombotoday

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් නොමැති විමෙන් වාහන හිමියන් පිඩාවට.

colombotoday