Colombo Today Local News

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති.

මේ යටතේ දරුවන්ගේ බර උස හා කෘෂ බව පරීක්ෂා කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදුකරන බව ද ඇය ප්‍රකාශ කළේ ය.

පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගැනිණ.

මීට සමගාමීව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

Related posts

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට.. කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ.. රැඳවියෝ තුනක් විභාගය ලියයි.

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday