Colombo Today Local News

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (20)පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පළමු කතාව පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාද පාර්ලිමේන්තු අයවැය නිලධාරියාගේ බලතල කාර්ය කාර්යය සහ කර්තව්‍යය නිශ්චිතව දැක්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව එහි සඳහන් වේ.

මෙය පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Related posts

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

colombotoday

පාසල් සිසු සිසුවියන් 19කට දෙඹරු ප්‍රහාරයක්

colombotoday

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

colombotoday

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

Admin

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

දිමුත්ට ‌ඩොලර් 7500ක දඬයක්

colombotoday