Colombo Today Local News

“මංතීරුව කැඩුවේ අපි නෙවෙයි.. කඩපු අයම ඒක බලාගත්තාවේ” – ඇමති චම්පික

chmpka33

වත්තල මාබෝල ප්‍රදේශයේ ඇවිදින මංතීරුව ඉවත් කිරීම සිදුකර ඇත්තේ තම අමාත්‍යාංශයෙන් නොවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

එම මංතීරු ඉවත් කරපු අයම එය නැවත සකස් කිරීමට කටයුතු කරනු ඇති බවත්,තමන් නගර සංවර්ධනයේදී සෑම තීන්දුවක්ම ගන්නේ ජනතාව සමග සිටිමින් බවත් අමාත්‍යවරයා කියා සිටියේ කොට්ටාව නගර සංවර්ධන කටයුතු ආරම්භ කරමින්, බස්නැවතුම්පළෙහි ඉදිකිරීම්වල සමාරම්භක උළෙලට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස දැක්වූ අමාත්‍යවරයා “ඊයේ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වුණා මේ මාබෝල ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුවක් ගලවා දැමීමේ සිද්ධිය ගැන. අපේ අමාත්‍යාංශය මගින් පාලනය වන හෝ අපි ගොඩනඟපු ඇවිදින මංතීරුවක් නෙවෙයි ඒක. පහුගිය කාලේ අතහැරලා දාල තිබිලා අපි ප‍්‍රතිෂ්ථාපනය කළා. අපිට ඉල්ලීමක් ආවා ඉඩම් අමාත්‍යාංශයෙන් ඒ ඇවිදින මංතීරුව තිබෙන ඇළ අසලින් පාරක් ඉදිකරන්න අවසර ඉල්ලලා. එයට අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙන් ප‍්‍රතිචාර දක්වලා තිබෙනවා ඒ ඇළ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනගාතයේ අපේ ඒ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගැනීමට ඉඩ දෙන පරිද්දෙන් ඒ පාර හැදුවට කමක් නැහැ කියලා. අපි කවුරුවත් කියලා නැහැ ඇවිදින මංතීරු විනාශ කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකට කටයුතු කරන්න කියලා. මම හිතනවා ඒ මාවත ගලවපු අයම නැවත සකස් කරලා ඒ ජනතාවට ලබාදෙයි කියලා. ඒනිසා මාධ්‍යවලින් අපි ඉල්ලා සිටිනවා ඔවැනි දේ රටේ නොයක් නොයෙක් තැන්වල සිද්ධ වෙමින් පවතින නිසා චරිත ඝාතනය කරන්න ඉදරිපත් වෙන්නේ නැතිව සත්‍යය වාර්තාකරන්න කියලා” යැයිද පැවසීය.

එහෙත් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඊයේ මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ එම මංතීරුව ගලවා ඉවත් කරේ මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතාගේ අනුමැතිය සහිතව බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා මධ්‍යට පවසා තිබුණේ ඇළ රක්ෂිතයේ පාර පුළුල් කිරීම සදහා ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කළ බවයි. ඉදිරි මාස කිහිපය ඇතුළත නවතම ශරීර සුවතා මංතීරුවක් ඉදිකර මහජන ප්‍රයෝජනය සඳහා ලබාදෙන බව ද හෙතෙම කියා සිටී.

Related posts

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

colombotoday