සිරිකොත එජාප මූලස්ථානයට වෙඩි තැබූ බව කියන කොස්තාපල්වරයා මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්රාත්වරයා විසින් ඊයේ (02) නියෝග කෙරිණි.
මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල අදාල කොස්තාපල්වරයා ඉකුත් මැයි පළමුවැනිසා පස්වරු 5.45 ට පමණ සිරිකොත මූලස්ථානයට වෙඩි තබා ඇති අතර, එනිසා එම පක්ෂ ලාංඡනය වූ අලියා ලකුණට හානි සිදුවිය.