Colombo Today Local News

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

පාද යාත‍්‍රාව දෙස වෛරීව නොබලා ජනතාව දුන් පණිවුඩය නිවැරදිව තේරුම් ගන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එබව සඳහන් කලේ, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුවය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෙක් බවත් තමන් ඉදිරියේ කවුරුන් හෝ හූ කිව්වේ නැති බවත් එසේ උත්සහ කළා නම් තමා එසේ කිරීමට ඉඩ නොතබන බව පැවසු හිටපු ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂයෙන්ද පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා පිරිසක් එවා තිබූ බවත් පැවසිය.

ඇතැම් පිරිසක් පක්ෂ කාර්යාලයට කඳුලු ගෑස් ගස්සවා සීල් තබා තිබූ බවද අමතක නොකළ යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

colombotoday

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

colombotoday