Colombo Today Local News

“අන්තවාදියෝ, කුමන්ත්‍රණකාරයෝ…“ සාලිට, බදුර්දීන්ට ජනපති කාර්යාලයෙන් දොස් !!

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් රක්ෂිත වනාන්තර 4ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කල ගැසට් නිවේදනය දඩමීමා කරගනිමින් කුමන්ත්‍රණකාරීන් පිරිසක්, එම ගැසට් නිවේදනය ගැන දුර්මත ප්‍රචාරය කරමින්  ලෙස මුස්ලිම් ජනතාව ජනාධිපතිවරයාට එරෙහිව මෙහෙයවමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් විල්පත්තු උතුරු ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවන බව පවසමින් අසාද් සාලි හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා තිබිණි. එම ගැසට් නිවේදනය අවලංගු නොකලොත් රට පුරා මුස්ලිම් පල්ලිවල උද්ඝෝෂණ පවත්වන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

ගැසට් නිවේදනය අවලංගු කරගැනීම සදහා රිෂාද් බදුර්දීන් ඇමතිවරයාද දැඩි උත්සාහයක නිතරව සිටින අතර පසුගියදා ඔහුගේ මෙහෙයවීමන් විලත්තිකුලම් පල්ලිය අසලදී පිරිසක් උද්ඝෝෂණයකද නිරත විය. ගැසට් නිවේදනය අවලංගු නොකරන්නේ නම් බදුර්දීන් ඇමතිවරයා තම ඇමතිධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බවද වාර්තා වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කල නිවේදනය පහතින්

Related posts

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

හිටපු කොටි ලංගමයට බැදී උතුරේ බස් ධාවන අඩාල කරයි.. සිංහල නිලධාරියා ඉවත් කරන තුරු වර්ජණයේ

colombotoday

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

colombotoday

සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයට

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday