Colombo Today Local News

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

ජාතික ලයිස්තුවෙන් පත් කර ලබා දී ඇති ඇමති පහසුකම් විදිමින් කට වහගෙන ඉන්නා ලෙස ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට ඉහළින්ම අවවාද කොට ඇති බවට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පුවත් පලවෙයි.

ගිය රජය සමයේ විදේශ සේවා හා රැකි රක්ෂා අමාත්‍ය ලෙස අමාත්‍ය බලතල යොදා රජයේ මුදල් අව භාවිතා කිරීමේ චෝදනාවක් ඇමතිවරයා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් කරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණවලින් පැහැදිලිවම ඔප්පු වී ඇත්තේ විදේශ සේවා කාර්යංශයේ රුපියල් මිලියන ගණනක මුදල් පෞද්ගලිකව අමාත්‍යවරයාගේ පරිහරණයට යොදා ගත් බවයි.

මේ බව ලේඛණ සහිතව ඔප්පු කොට ඇති අතර ඒ ඔස්සේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හරහා ආරම්භ කරන ලද පරීක්ෂණ අනුව ඕනම අවස්ථාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය ලේඛන සකස් කොට ඇති බැව් පසුගිය දා අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි.

 

Related posts

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

colombotoday

Video – ‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්

colombotoday

දේශපාලඥයන්ට පාසල වැසෙයි

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin