Colombo Today Local News

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

කරවල, හාල්මැස්සන්, පළතුරු ආනයනයේදී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත් ආනයනික පළතුරුවල අඩංගු බැර ලෝහයක් වන ඊයම් ප්‍රතිශතය පරීක්ෂා කිරීමත් 2023 ජුනි 01 වනදා සිට අනිවාර්ය කර තිබේ.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන්, පළතුරු ඇතැම් තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙළිවීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ 2021-2022 කාලය තුළ ක්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදීය.

මෙම කරුණු සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාවට හෝ පාරිභෝගිකයින්ට වැඩි විස්තර විමසීම සඳහා විශේෂ දුරකථන අංකයක් ද ආහාර පාලන ඒකකය විසින් හඳුන්වා දී තිබේ.

එම අංකය – 0112 112 718

Related posts

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

colombotoday

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අරඹයි

Admin

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin