Colombo Today Local News

වතු කම්කරුවන්ට ස්ථීර තැපැල් ලිපින ඉල්ලයි

වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින ලබාදීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම, මුවන් කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණි.

මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිට ඇත්තේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බලන බවය.

ඒ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි.

පෙත්සමකරු කියා සිටින්නේ දිවයිනේ පිහිටි වතු 277 ක් ආශ්‍රිතව වතු කම්කරුවන් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාසය කරන බවත් ඔවුන්ට ස්ථිර තැපැල් ලිපින නොමැතිවීම නිසා එදිනෙදා කටයුතු කිරීමේදී ඔවුන් දැඩි අපහසුතාවයකට මුහුණදී සිටින බවය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday

කදවුරේ පිපිරීම: ජීවිත – දේපළ හානි කොතෙක්දැයි තවම නොදනී.. 1Km දුරට ජනතාව තව දුරටත් ඉවත් කෙරේ

colombotoday

කොරෝනා මරණ ගණන 132 දක්වා ඉහළට… වෛරසය රටවල් 15කට පැතිරෙයි…

colombotoday