තමා සැඟවී නොමැති බවත්, යුක්රේනියාවේ ජීවත්වන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. එමෙන්ම තමා මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට සක්‍රීයව දායක වෙමින් සිටින අතර, තමාව හමුවීමට අවශ්‍යනම් යුක්රේනියාවට පැමිණෙන ලෙසද හෙතෙම නිවේදනය මගින් පවසා තිබේ.