Colombo Today Sports News

IPL තරග ඉතිහාසය උඩුයටිකුරු කළ යශාස්වි ජයිස්වාල්ගේ ප්‍රහාරය

IPL තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශාස්වි ජයිස්වාල් සමත්විය.

ඔහු පන්දු 13කදී ලකුණු 50ක් ලබාගත් අතර සිය ඉනිම තුළ පන්දු 47 කදී නොදැවී ලකුණු 98ක් ලබාගැනීමට සමත්විය.

යශාස්වි සුපිරි ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 12 ඇතුළත් විය.

මීට පෙර කේ.එල් රාහුල් සහ පැට් කමින්ස් පන්දු 14කදී ලකුණු 50 ලබාගනිමින් වේගවත්ම අර්ධ ශතකයට හිමි සම වාර්තාව හිමිකරගෙන තිබුණි.

ඊයේ(11)දින පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 149ක් ලබාගත්තේය.

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවකදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය.

Related posts

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනී

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

මංගල තරඟයේදීම ප්‍රවීන් කඩුලු 11යි – දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday