Colombo Today Local News

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12)දින පැවසීය.

ජනතාවට අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍රය ගැනීම සදඟා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බව කී ඉලුක්පිටිය මහතා හදිසි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බව ද වැඩි දුරටත් සඳන් කළේය.

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ ඇති වී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමින් ඉලුක්පිටිය මහතා එසේ පැවසීය.

Related posts

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

colombotoday

ඉන්ධන – ගෑස් හෝ වෙනත් පෝලිම් මඟහැර යන්න මැති ඇමැතිවරුන්ට උපදෙස්. 70 ක් වාහනවල “මන්ත්‍රී ලාංඡනය” ඉවත් කරගෙන

colombotoday

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday