Colombo Today Local News

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

තවමත් රටෙි ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව කීය.

Related posts

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

colombotoday

රාජගිරියේ TRAFFIC

colombotoday

කොරෝනා ගැන දැනුම් දෙන්නේ හමුදාපති අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් – රංගේ බණ්ඩාර

colombotoday

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin

ජොන්ස්ටන් ප්‍රනාන්දු බේරාගන්න පොලීසියට බාර වුනු අනුරුද්ධ සම්පායෝ.

colombotoday