Colombo Today Local News

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට යුරියා පොහොර සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

රුපියල් මිලියන 15,000ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දින සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් භාරදීම හම්බන්තොට බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිදු කිරීමට නියමිතය.

පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීම ද සිදු කෙරේ.

මේ අතර අප රටේ උසස් තත්ත්වයේ බීජ, වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම ද සිදු කිරීමට නියමිත බවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ජාතිකත්වයට වැට බඳින නීති ගෙනෙද්දී සිංහලේ සිසාරා ‘සිංහලේ’ රැල්ල හමා යයි

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

හිටපු ප්‍රබල ඇමති තිදෙනෙක් අසනීප තත්ත්වයෙන් රටින් පනින්න යයි !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

colombotoday

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday