Colombo Today Local News

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

මැදගම පොලිස් වසමේ කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මේ පිළිබඳව 119 මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයකට අනුව මැදගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මරණකරු අලුත්වල, කොටබෝව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

අප්‍රේල් 15 වන දින සිට මෙම පුද්ගලයා අතුරුදන් බවට ඔහුගේ පුතා විසින් පෙරේදා (අප්‍රේල් 17) දිනයේදී මැදගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

colombotoday

ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!

colombotoday

ජැක්සන්ගේ මෝටර් රථයේ ගැටුනු අලියා සෙවීම නවතියි

colombotoday

මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්න

colombotoday

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday