Colombo Today Local News

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඊයේ(07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම නීතියට පටහැනි බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා කියා සිටියේ මරණ දඬුවම ලැබූ අයෙකුට ජනාධිපති සමාව ලබා දුන් සෑම අවස්ථාවකදීම නීතිපති වාර්තාවක් කැඳවා ඇති බවත් මෙම අවස්ථාවේදී එසේ නොකිරීම නීතියට පටහැනි බවත්ය.

Related posts

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

colombotoday

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!

colombotoday

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday

කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු දෙනා සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday