Colombo Today Local News

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයට ඊයේ(1) රාත්‍රී ඇතුළු වු පුද්ගලයකු හෝ පිරිසක් එහි සේප්පුව කඩා රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

කොල්ලය සිදු කළ පුද්ගලයා හෝ පිරිස තැපැල් කාර්යාලයේ උඩු මහලින් ඇතුළු වි බිම් මහලට පැමිණ ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මුදල් තැන්පත් කළ සේප්පුව බිම් මහලේ තබා තිබි ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සේප්පුවේ දොර කඩා ඇති බවක් පෙනෙන්නට නැති බවත්, දොර විවෘත කොට මුදල් රැගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිියෙක් කියයි.

තැපැල් කාර්යාලයේ උඩු මහලේ දොරක් හා ඉන් බිම් මහලට ඇතුළු වන දොර ද කඩා දමා ඇත.

සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

රනිල්ට 72යි… එතුමට වැඩි කාලයක් නැහැ…

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු විදේශ අමාත්‍යාංශය මගින් පිදෙන සුවිශේෂී සම්මානයකින් පිදුම් ලබයි.

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday