Colombo Today Local News

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

ගාල්ල – මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස් රථවල ගමන් කිරීමට අද (2) දිනයේ සිට පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කරන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම සදහන් කරයි.

මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිල දී ගත හැකි බවත් එම කාඩ් නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමග ඊයේ (1)දින ගිවිසුම්වලට එළැඹි බවත් ඔහු පවසයි.

රාජ්‍ය බැංකු හරහා මෙම පෙරගෙවුම් කාඩ්පත මහ ජනතාවට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ද ඔහු පවසයි.

පළමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා මේ ක්‍රමවේදය හඳුන්වා දෙන අතර පසුව දුම්රිය සේවයටත් භාවිත කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට හසුවූ මිණිමුතු මෝරුන් යළි දියඹටම දමයි

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

උතුර – නැගෙනහිර එක් කර, ස්වයං තීරණ අයිතිය ඉල්ලන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday