Colombo Today Local News

කැලණිය විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙනතුරු වසාදමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05) උදෑසන 5ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවය.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍යශිෂ්‍යාවන්ට තහනම් කර තිබේ.

Related posts

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

පොරොන්දු වූ මුදල් ලෝක මුස්ලිම් ලීගයෙන් දුන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේනගෙන් නිවේදනයක්

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

colombotoday

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin