Colombo Today Local News

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

කඩුවක් රැගෙන මොරගහහේන ධම්මානන්ද ප්‍රදේශයේ සැරිසරමින් කාන්තාවන් බිය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකුට කාන්තාවන් පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් පහර දී රෝහල්ගතකර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයා අවස්ථා කිහිපයකදී ධම්මානන්ද ප්‍රදේශයේ නිවාස කීපයකට කඩුවක් රැගෙන ගොස් ” මාව හඳුනනවා දැයි ,” කාන්තාවන් ගෙන් විමසා ඇති අතර හඳුනා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි පැවසීමෙන් අනතුරුව සැකකරු කඩුවෙන් පහර දීමට උත්සාහ කිරීමේදී කාන්තාවන් පිරිසක් එක් වී වට කිරීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි .

තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයා ඔහුගේ මිතුරන් විසින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කාන්තාවන්ගෙන් පහරකෑ පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් නිළධාරියෙකු පැවසීය

තුවාල ලබා සිටින පුද්ගලයා මොරගහහෙන ගොඩැල්ල හේන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කියයි .මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජිව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

Related posts

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

colombotoday