Colombo Today Local News

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබසී

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් හදිසියේම ගිලාබැසීමකට ලක්වී තිබේ.

මේ හේතුවෙන් අදාළ ස්ථානයෙන් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කොවිල අසල ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ගිලා බැසීමට ලක්වී ඇති බවද වාර්තා වෙයි.

අද (03) දින උදෑසන 08ට පමණ මෙම ගිලාබැසීම ආරම්භ වී ඇති බවත්, එම ස්ථානයේ මීට පෙරත් ගිලාබැසීමක් සිදුවී තිබූ බවත් වාර්තා වෙයි.

එම මාර්ගයේ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

Related posts

ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන්නේ මෙහෙමයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

පොලිස්පතිගෙන් STF ගැලවෙයි, මුලුමනින්ම ජනපති යටතට ගනී

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ දුෂණ වංචා පිලිබඳ අනාවරණයක්

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday