Colombo Today Local News

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16ක් සමඟ ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අලුයව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ – 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 423 යි මිලි ග්‍රෑම් 9ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහා යොමු කර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .

Related posts

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday

“එජාප නායකත්වය අයිති හාමුලාට,කබා අදින අයට විතරක් නෙවෙයි” – සජිත්

colombotoday

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin

තියුණු අවි රැගෙන ආ පිරිසක් දෙනෝ දහසක් ඉද්දී අයියයි – නංගි කපා කොට දාලා

colombotoday