උත්තර ලංකා සභාගයේ නව දේශපාලන සන්ධානයේ නම ඡන්ද ලකුණ සහ හවුල්කාර දේශපාලන පක්ෂ අද (11)දින එළිදක්වන බව උත්තර ලංකා සභාගය සඳහන් කළේ ය.
මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය (9)වන දින රාත්රියේ පවත්වා තිබූ අතර එහි තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ ද පැවැත්වීමට උත්තර ලංකා සභාගය පියවර ගෙන තිබිණි.
මෙම සාකච්ඡාව සඳහා උත්තර ලංකා සභාගයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සහ නිදහස ජනතා සභාවේ නියෝජිතයෝ සහභාගි වී ඇත.