Colombo Today Local News

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

රාත්‍රී කාළයේදී ක්‍රියාත්මක මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස බලා යමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 45කට ආසන්න මුදලක් අද (09) අලුයම කොල්ල කා තිබේ.

ව්‍යාපාරිකයා අලුයම් කාළයේදී ව්‍යාපාරික ස්ථානය වසා දමා ඔහුට අයත් ත්‍රීරෝද රථයෙන් තවත් සේවකයෙකු ද රැගෙන ගොස් මීගොඩ දහම් මාවත ප්‍රදේශයේදී එම සේවකයා නිවස වෙත දමා ඇත.

අනතුරුව ඔහු නිවෙස වෙත යමින් සිටියදී මීගොඩ සිරිරතන මාවතේදී එක්වරම ත්‍රීරෝද රථය තුල සිටි අයෙකු මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර අතැතිව තිබූ මුදල් පාර්සලය රැගෙන පලා ගිය බවට එම ව්‍යාපාරිකයා පැමිණිලි කර ඇති බව මීගොඩ පොලිසිය පවසයි.

Related posts

ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැහැ

colombotoday

තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට

Admin

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

Admin

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?

colombotoday

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

Admin