Colombo Today Local News

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

අවදානම් තත්ත්වයේ පවතින මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම් පිළිබඳ අද (09) දිනයේ තාක්ෂණික ඇගයීමක් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ව්‍යුහාත්මක පරීක්ෂණ සහ ව්‍යාපෘති කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ධම්මිකා කහහේන්ගොඩ මහත්මිය පැවසුවේ, සිය සංවිධානයේ කණ්ඩායමක් අද දින එම ප්‍රදේශවලට පිටත් කර හරින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මිකා කහහේන්ගොඩ මහත්මිය,

“දැනට අවදානම් තත්ත්වයේ පවතින ඔවර් හෙඩ් වැල්ලවත්ත හා බම්බලපිටිය පාලම් දෙක සම්බන්ධයෙන් කොළඹ නගර සභාව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අපි දැනුම්වත් කරලා තියෙනවා. ඒ ආයතන දෙකටම අපගේ තාක්ෂණික දැනුම අවශ්‍ය නම් එය ලබා දිය හැකි බව දන්වා තිබෙනවා. නමුත් මේ දක්වා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුනොවුණ නිසා, අද දින ඒ සඳහා අපේ ටීම් එකක් යවලා ඒ සඳහා කරන්න පුළුවන් මොකක්ද කියන එක පරීක්ෂණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කලින් අපි බලපු විදියට නම් මේක දැඩි අවදානම්ව තිබෙන බව තමයි අපට පෙන්නුම් කරන්නේ. එකට අවශ්‍ය කරන ටෙස්ටින් කරන්න වෙයි. අද එතනට ගිහිල්ලා මොකක්ද කරන්න ඕනේ කියලා අපි පර්යේෂණයක් කරනවා. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

ලාංකික සරණාගතයන්ටත් යුරෝපයේ රටවල් 4ක දොර වැසේ

colombotoday

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය අධිකරණයෙන් තහනම් කරයි

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday